ජනතාවට සුබම සුබ ආරංචියක් මෙන්න - බලන්නකෝ රජයෙන් අලුතෙන්ම කරන්න යන්නෙ මොකක්ද කියලා..

Report

වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ජනතාවට සුබම සුබ ආරංචියක් මෙන්න - බලන්නකෝ රජයෙන් අලුතෙන්ම කරන්න යන්නෙ මොකක්ද කියලා.. | Agriculture Based On Modern Technology

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ විප්ලවය වී ඇත්තේ නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවි ජනතාව සූදානම් කිරීම බවයි.

ඒ අනුව අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ, සාම්ප්‍රදායික යල් පැන ගිය කෘෂිකර්මාන්තයට තිත තබා නවීන තාක්ෂණය පදනම් කරගත් සුහුරු කෘෂිකර්මාන්තයට ගොවි ජනතාව හැඩ ගැස්විය යුතු කාලය එළඹ ඇති බව ය.

වහාම තවත් ඉන්ධන වර්ගයක මිල ගැනත් විශේෂ තීරණයකට යයි..

වහාම තවත් ඉන්ධන වර්ගයක මිල ගැනත් විශේෂ තීරණයකට යයි..


මේ බව අමාත්‍යවරිය කියා සිටියේ රත්නපුර මහවැලි වලව විශේෂ බල ප්‍රදේශයේ ගොවි ජනතාව සඳහා, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත ආරම්භ කළ සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ය.

ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන10 ක මුදලක් ලබා දී ඇති බවත් එය මහවැලි ගොවි ජනතාව ලද ජයග්‍රහණයක් බවත් ඇය මෙහිදී සඳහන් කළේ ය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඒ පනවපු තහනම ක්‍රියාත්මකයි..

අද මධ්‍යම රාත්‍රියේ සිට ඒ පනවපු තහනම ක්‍රියාත්මකයි..


ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි ගොවි පවුල් 465 ක් සඳහා සුහුරු තාක්ෂණ උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප වල බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් වැඩි දියුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 20000ක් බෙදා හැරීමට ද පියවර ගෙන ඇති බව සඳහන් ය.