වහාම තවත් ඉන්ධන වර්ගයක මිල ගැනත් විශේෂ තීරණයකට යයි..
By krishani
ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දැමෙනු ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 368ක් ලෙසයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 420ක් ලෙසයි.
එමෙන්ම, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 333ක් වේ.
ලංකා සුපිරි ඩීසල් රුපියල් 9කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 377ක් ලෙස දැක් වේ.
කෙසේ වෙතත්, භූමිතෙල් මිල රුපියල් 30කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 215ක් වේ.