අද මධ්‍යම රාත්‍රියේ සිට ඒ පනවපු තහනම ක්‍රියාත්මකයි..

Report

මැයි 6 වන දා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (30) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා. 

අද මධ්‍යම රාත්‍රියේ සිට ඒ පනවපු තහනම ක්‍රියාත්මකයි.. | Notification From Examination Department

ඒ බව විභාගය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම කාලය තුළ උපකාරක පන්ති සංවිධාන කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ දේ නම් කරන්න හිතන්නවත් එපා - රියදුරන්ට පොලීසියෙන් එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(VIDEO)

මේ දේ නම් කරන්න හිතන්නවත් එපා - රියදුරන්ට පොලීසියෙන් එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(VIDEO)


එමෙන්ම, සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදාහැරීම, ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙන්ම ළඟ තබා ගැනීම ද තහනම් වේ.

කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 6 වනදා සිට 15 වනදා දක්වා ය.