පරිපාලන සේවා විභාග වයස් සීමාව 30 දක්වා ඉහළට? – අමාත්‍යවරයාගෙන් නව ප්‍රකාශයක්!

Report

පරිපාලන සේවාවලට අදාළ විභාගවලට පෙනී සිටීමේ වයස සීමාව අවු. 28 සිට අවු. 30 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න පවසනවා.

ඒ, කෝවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පරිපාලන සේවාවලට අදාළ විභාගවලට පෙනී සිටීමේ වයස පිළිබඳ ගැටලුවක් මතු වීමත් සමඟයි.

පාර්ලිමේන්තුවේ ඊයේ (04) පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

මේ අතර කළමනාකරණ නිලධාරීන්ගේ උසස්වීම් ලබා දීමේ පැවති ක්‍රමවේදය වෙනස් කිරීම හේතුවෙන් අසාධාරණයක් සිදුව ඇති බවත්, එය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස ද එම විවාදයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.