ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් 20දෙනෙක් ජීවිතක්ෂයට 260 ටම තුවාල

Report

උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එසේම විදෙස් මාධ්‍ය සඳහන් කළේ 260ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි. රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වාර්තා වී තිබෙන මෙම භූකම්පනයෙන් මසාර්-ඊ ෂරීෆ් නගරයට මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකට ද බලපෑම් එල්ලවී ඇති බව පවසයි.

එමෙන්ම භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් ප්‍රකාශ කරයි.

රටවල් දෙකකට ප්‍රබල භූකම්පන - දරුණු සුළි කුණාටුවක් ගැනත් අනතුරු ඇඟවීම්

රටවල් දෙකකට ප්‍රබල භූකම්පන - දරුණු සුළි කුණාටුවක් ගැනත් අනතුරු ඇඟවීම්

කෙසේ වෙතත් නිතර භූකම්පනවල බලපෑමට ලක්වන ඇෆ්ගනිස්තානයේ ඉකුත් අගෝස්තු මාසයේ සිදු වූ භූකම්පනයකින් ද පුද්ගලයින් 2,200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

භයානක තත්ත්වයක් හැමතැනම පැතිරිලා - මරණ ගණනත් වේගයෙන් ඉහළට

භයානක තත්ත්වයක් හැමතැනම පැතිරිලා - මරණ ගණනත් වේගයෙන් ඉහළට

දවසින් දවස අඩුවෙන රන් මිලේ අද මිල ගණන් මෙන්න

දවසින් දවස අඩුවෙන රන් මිලේ අද මිල ගණන් මෙන්න