රටවල් දෙකකට ප්‍රබල භූකම්පන - දරුණු සුළි කුණාටුවක් ගැනත් අනතුරු ඇඟවීම්
ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් හට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය දක්වා ඇත්තේ එය රික්ටර් මාපකයේ 6.3ක කිලෝමීටර් 28ක ගැඹුරකින් යුක්ත වූ බවයි.
මෙතෙක් හටගත් භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳව වාර්තා වී නැත. එසේම එම නගරයේ තලේබාන් ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ පළාතේ සියලුම දිස්ත්‍රික්කවල සුළු තුවාල සහ මතුපිට හානි පිළිබඳව වාර්තා ලැබී ඇති බවයි.
මේ අතර එම නගරයේ ලක්ෂ 5කට අධික ජනතාවක් වාසය කරන බවත් භූමිකම්පාව ඇති වූ විට නගරයේ බොහෝ පදිංචිකරුවන් තම නිවාස කඩා වැටෙනු ඇතැයි බියවී වීදිවලින් දිව ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හටගෙන ඇත්තේ ඉකුත් අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ කඳුකර නැගෙනහිර ප්‍රදේශයේ 6.0ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 1,000කට අධික පිරිසක් මිය ගොස් මාස දෙකක් ගත වීමෙන් පසුව බව සඳහන්.
මේ අතර පිලිපීනයේ නෙග්‍රොස් සහ ඒ අවට පළාත්වලටද භූමිකම්පාවක් හට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය දක්වා ඇත.
ඒ අනුව රික්ටර් මාපකයේ 5.5ක අගයකින් කිලෝමීටර් 89ක ගැඹුරකින් යුතුව මෙම භූකම්පන තත්ත්වය හටගෙන තිබෙනවා.
එමෙන්ම භූකම්පනයෙන් අනතුරුව කම්පන තත්ත්ව අපේක්ෂා කරන බවද පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය සඳහන් කරයි.
කෙසේ වෙතත් එරට කාලගුණ කාර්යාංශය පිලිපීනයේ වෙරළට ඔබ්බෙන් ඇති දරුණු නිවර්තන සුළි කුණාටුවක් සම්බන්ධවද අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
ටිනෝ නම් වූ මෙම නිවර්තන කුණාටුව තවත් ත්‍රීව වීමත් සමග එරට අධික වැසි හා ධාරානිපාත වර්ෂා තත්ත්වයක්ද ඇති විය හැකි බව එම කාර්යාංශය දක්වයි.
එසේම පැයට කිලෝමීටර 100 සිට 110ක් දක්වා උපරිම සුළං වේගයක් ඇති විය හැකි බවට පෙරදී අනතුරු අඟවා ඇතත් එය මේ වන විට පැයට කිලෝමීටර 125 සිට 135 දක්වා ඉහළ ගොස් ඇති බවද පවසයි.
එසේම එරට කාලගුණ විද්‍යා කාර්යාංශය ටිනෝ සුළි කුණාටුව තවමත් සුළි කුණාටුවක් දක්වා ශක්තිමත් වනු ඇතැයිද එය පැයට කිලෝමීට 150 සිට 165 දක්වා උපරිමයකට ළඟා විය හැකි බවටත් අනතුරු අඟවයි.