තලේබාන් සංවිධානයට සහය දැක්වූ පූජකවරයෙකුට සිදු වූ දේ..
Afghanistan
By krishani
තලේබාන් සංවිධානයට සහාය දැක්වූ ඇෆ්ගනිස්තාන පූජකවරයකු කාබුල් අගනුවර ආගමික මධ්‍යස්ථානයක් තුළ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනය කර තිබෙනවා.
ෂෙයික් රහිමුල්ලා හකානි නැමති ඔහු කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නැගූවෙක් වන අතර තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලයට පත්වීමෙන් පසු එරට දී ඝාතනයට ලක්වු ඉහලම පුද්ගලයින් අතරින් කෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ෂෙයික් රහිමුල්ලා හකානි ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට විරුද්ධව හඩනගන ජිහාඩ් සටන්කාමී සංවිධානයක් දරුණු ලෙස විවේචනය කර තිබුණා.