සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)

Sri Lanka Police Cinema Lead Department of Prisons Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Jun 13, 2024 06:02 PM GMT
Aruna

Aruna

Report

නිළියන්, නිරූපිකාවන් ඇතුළු කාන්තාවන් ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් කාම රැල්ලේ චිත්‍රපට නිළිය තවත් සංවිධානාත්මක කණ්ඩායමක් සමඟ එක්ව සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු රැසක් හෙළිවී තිබෙන බව වාර්තා වනවා.

වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ වැටලීමකින් අත්අඩංගුවට ගත් එම කාන්තාව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් රටටම සුභ ආරංචියක්..ශ්‍රී ලංකාවට හිමි වූ තැන මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් රටටම සුභ ආරංචියක්..ශ්‍රී ලංකාවට හිමි වූ තැන මෙන්න..


වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය කළ මෙහෙ­යු­ම­කදී කාන්තා­වන් පිරිසක් සමග, තරු පන්ති හෝට­ල්වලට, සමාජ ශාලා සහ සුපිරි නිවාස සංකී­ර්ණ­වල පැවැ­ත්වෙන සාද වලට මේ කාලයේ ප්‍රකට නවක නිළියන්ද සැපයුම් කරමින් සිටි තනුජා වීරසූරිය නමැති සරාගී චිත්‍ර­පට නිළි­යක පසුගියදා අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

මෙම ගණිකා ජාවා­රම මෙහෙ­යවා ඇති 48 වියැති තනුජා වීරසූරිය මීට දශක දෙකකට පමණ පෙර වැඩි­හි­ටි­යන්ට පම­ණක් සීමා වූ කාම රැල්ලේ චිත්‍ර­පට කිහිපයකටද රංග­න­යෙන් දාය­ක­ත්වය දුන් තැනැ­ත්ති­යක් බවයි පැවසෙන්නේ.

හාදු වැස්සක් (2004), කාටවත් කියන්න එපා (2004), මට තාම මතකයි (2005) ආදී චිත්‍රපට වලට ඇය දායකවී ඇති අතර මෑත කාලීනව ඇය ටෙලි නාට්‍ය කිහි­ප­යක ද වැඩිහිටි විහිළු සහිත යූටියුබ් නාලිකා සඳහා රඟපා ඇති බවත් විම­ර්ශ­න­යේදී හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.

කුඩා ලදරුවෙක්ට සිදු වූ අනුවේදනීය ඉරණමක්..සංවේදී දර්ශන සහිතයි.(PHOTOS)

කුඩා ලදරුවෙක්ට සිදු වූ අනුවේදනීය ඉරණමක්..සංවේදී දර්ශන සහිතයි.(PHOTOS)


වට්ස්ඇප් යෙදු­ම හරහා ඇය ගණිකා ජාවා­රම මෙහෙ­යවා ඇති බවයි විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත්තේ.

නිළි­යන්ව මුද­ලට ලබා­දීම සම්බ­න්ධ­යෙන් ඇය ව්‍යාපා­රි­ක­යන් සමඟ කථා­බහ කරන හඬ­පට රැසක් ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ නිල­ධා­රීන්ට හමුවී තිබෙන බවයි පැවසෙන්නේ.

ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිංහ මහතා විසින් ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහේන්ද්‍ර ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් යොදවා කළ වැට­ලී­ම­කදී මෙම නිළිය ඇතුළු ගණි­කා­වන් පස්දෙනා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මොර­ග­හ­හේන කෝර­ල­යිම දෙම­ට­හැත්ත ප්‍රදේ­ශ­යේ­දීයි.

මෙම ජාවා­රම මෙහෙ­යැවූ නිළිය මල්වානේ පදිං­චි­කා­රි­යක බව මධ්‍යම දූෂණ මර්දන බළ­කාය සඳ­හන් කළේය.

මෙම කාන්තාව තරු­ණි­යන්ව ගණි­කා­වන් ලෙස අලෙවි කරනු ලබන්නේ රුපි­යල් 30,000 සිට ඉහළ ගණ­න්ව­ලට බව ද අනා­ව­ර­ණය වී තිබේ.

ජනපති ගෙන් හදිසි දැනුම්දීමක්..සියලුම පලාත් වෙනුවෙන් කරන්න යන දේ මෙන්න..

ජනපති ගෙන් හදිසි දැනුම්දීමක්..සියලුම පලාත් වෙනුවෙන් කරන්න යන දේ මෙන්න..


මෙසේ අත්අ­ඩං­ගු­වට ගන්නා ලද කාන්තා­වන් අවු­රුදු 25ත් - 45ත් අතර වයස් ගණ­න්වල පසු­වන බියගම, අම්පාර, බොර­ලැ­ස්ග­මුව, මාතර යන ප්‍රදේ­ශ­වල පදිං­චි­කා­රි­යන් බවයි පැවසෙන්නේ.

මෙම කාන්තා­වන් සුපිරි තරු පන්ති සාද­ව­ලදී ව්‍යාපා­රි­ක­යන් සමඟ විදේ­ශීය මත්පැන් පානය කර­මින් සහ මත්ද්‍රව්‍ය භාවිත කර­මින් ව්‍යාපා­රි­ක­යන්ගේ මන­දොල සපු­රා­ලී­මට කට­යුතු කර ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් හෙළිවූ බව පොලි­සිය කියයි.

මෙම ජාවා­රම මෙහෙ­යැවූ නිළිය ව්‍යාපා­රි­ක­යන් අතර ප්‍රසි­ද්ධි­යක් ලබා­ගෙන ඇති බැවින් සෙසු නිළි­යන්ව ඇය ව්‍යාපා­රි­ක­යන්ට අලෙවි කර ඇති බව ද විම­ර්ශ­න­යේදී අනාවරණය කරගෙන ඇත.

ලක්ෂ ගණනින් වටිනා මුදල් ත්‍යාග ලේසියෙන්ම ලබා ගන්න ඔබට අවස්ථාවක්..

ලක්ෂ ගණනින් වටිනා මුදල් ත්‍යාග ලේසියෙන්ම ලබා ගන්න ඔබට අවස්ථාවක්..


ව්‍යාපා­රි­ක­යන්ට තරු පන්තියේ හෝටල් කාමර වෙන් කර ගන්නා ලෙස පවසා එම හෝටල් කාම­ර­ව­ලට නිළි­යන් රැගෙන ගොස් මෙම ජාවා­රම ඇය විසින් සිදු කර ඇති බව ද විම­ර්ශ­න­යේදී පෙනී ගොස් තිබේ.

මේ අතර, මෙම පිරිස තවත් සංවිධානාත්මක කල්ලියක් සමග එක්ව ධනවත් ව්‍යාපාරිකයන් අයිස් මත්ද්‍රව්‍යවලට සුක්ෂමව ඇබ්බැහි කර ඔවුන්ගේ මුදල් වංචා සහගතව ලබාගන්නා බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඒ සදහා ඔවුන් මුදලට මත්පැන් සාද ද පවත්වනු ලබන බවයි පැවසෙන්නේ.

මොවුන්ගේ කල්ලියේ තවත් ප්‍රධාන කාන්තාවක් වන්නේ කලින් කලට විවිධ ප්‍රදේශවල පදිචිය වෙනස් කරමින් ජීවත් වන අනුෂා නමින් හදුන්වන කාන්තාවක්.

අවසන් වරට ජාඇල ප්‍රදේශයේ ලැගුම් ගෙන සිටි මැය මේ වනවිට එම ස්ථානයෙන් ද අතුරුදන්ව සිටින බවයි පැවසෙන්නේ.

කිරිපිටි පාවිච්චි කරන සියලු දෙනාට රතු එළියක්..ඔබේ ජීවිතයට ආසනම් මේ කතාව අහල ඉන්න..(VIDEO)

කිරිපිටි පාවිච්චි කරන සියලු දෙනාට රතු එළියක්..ඔබේ ජීවිතයට ආසනම් මේ කතාව අහල ඉන්න..(VIDEO)


මෙම කාන්තාවට රැවටුනු පුද්ගලයෙක් ඇයගේ කල්ලිය විසින් පවත්වන මත්පැන් සාද උගුලකට හසුව ඇති අතර, ඔහු සිය අදහස් දැක්වූ ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.

මධුවිතෙන් මත්වන ධනවත් ව්‍යාපාරිකයන්ට පෙනෙන ලෙස මොවුන් අයිස් මත්ද්‍රව්‍යද භාවිතා කරමින් ඔවුන්ව ඒ සදහා පොළඹවන බව‍යි වාර්තා වන්නේ.

මොවුන්ට අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව ද තොරතුරුකරු මෙහිදී හෙළි වූ අතර ඒ සඳහා නාකොටික් නිලධාරීන් ද සම්බන්ධ බවත්, ඒ සඳහා එම නිලධාරීන්ට කාන්තාවන් ලබා දෙන බවත් හෙළිදරව්වී ඇත.

මෙම සැකකාරිය වාහන වංචාවක් සිදු කර මේ වනවිට සැඟව සිටින තැනැත්තියක් බවට ද තොරතුරු වාර්තා වේ.

රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..

රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..


වාර්තා කරගත් තොරතුරු අනුව, අදාල කාන්තාව හැදුනුම්පත් අංක 2 කින් තම නමට 2014 දී හා 2018 දී විදෙස් ගමන් බලපත්‍ර 02 ක් ලබාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධව වැඩි විස්තර පහත වීඩියෝව තුළින් නරඹන්න.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%