කුඩා ලදරුවෙක්ට සිදු වූ අනුවේදනීය ඉරණමක්..සංවේදී දර්ශන සහිතයි.(PHOTOS)
By Aruna
නුවරඑළිය පොලිස් වසමේ බොරලන්ද ප්‍රදේශයේ තිබී මීට දින කිහිපයකට පෙර උපත ලැබූ කුඩා දරුවෙකුගේ මළ සිරුරක් අද (13) සොයා ගත් බව පොලීසිය පවසනවා.
නුවරඑළිය පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් සිරුර ගොඩගෙන ඇති අතර, ළදරුවාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පැවසෙන්නේ.
ප්‍රදේශවාසීන් පැවසුවේ දරුවාගේ මළ සිරුර නරක් වූ තත්ත්වයක තිබී සොයාගත් බවයි.
නුවරඑළිය නියෝජ්‍ය මහේස්ත්‍රාත් ජයමිණි අඹකවත්ත මහත්මිය පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා බිළිඳාගේ සිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තබා ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ සහ ප්‍රදේශයේ දිස්ත්‍රික් හෙද නිලධාරීන්ගේද සහය ඇතිව මියගිය දරුවාගේ මව සොයා මෙහෙයුම සිදුකෙරුණා.
නුවරඑළිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

