සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)
නිළියන්, නිරූපිකාවන් ඇතුළු කාන්තාවන් ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් කාම රැල්ලේ චිත්‍රපට නිළිය තවත් සංවිධානාත්මක කණ්ඩායමක් සමඟ එක්ව සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු රැසක් හෙළිවී තිබෙන බව වාර්තා වනවා.
වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ වැටලීමකින් අත්අඩංගුවට ගත් එම කාන්තාව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කළ මෙහෙයුමකදී කාන්තාවන් පිරිසක් සමග, තරු පන්ති හෝටල්වලට, සමාජ ශාලා සහ සුපිරි නිවාස සංකීර්ණවල පැවැත්වෙන සාද වලට මේ කාලයේ ප්‍රකට නවක නිළියන්ද සැපයුම් කරමින් සිටි තනුජා වීරසූරිය නමැති සරාගී චිත්‍රපට නිළියක පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ගණිකා ජාවාරම මෙහෙයවා ඇති 48 වියැති තනුජා වීරසූරිය මීට දශක දෙකකට පමණ පෙර වැඩිහිටියන්ට පමණක් සීමා වූ කාම රැල්ලේ චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායකත්වය දුන් තැනැත්තියක් බවයි පැවසෙන්නේ.
හාදු වැස්සක් (2004), කාටවත් කියන්න එපා (2004), මට තාම මතකයි (2005) ආදී චිත්‍රපට වලට ඇය දායකවී ඇති අතර මෑත කාලීනව ඇය ටෙලි නාට්‍ය කිහිපයක ද වැඩිහිටි විහිළු සහිත යූටියුබ් නාලිකා සඳහා රඟපා ඇති බවත් විමර්ශනයේදී හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.
වට්ස්ඇප් යෙදුම හරහා ඇය ගණිකා ජාවාරම මෙහෙයවා ඇති බවයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
නිළියන්ව මුදලට ලබාදීම සම්බන්ධයෙන් ඇය ව්‍යාපාරිකයන් සමඟ කථාබහ කරන හඬපට රැසක් ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට හමුවී තිබෙන බවයි පැවසෙන්නේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යොදවා කළ වැටලීමකදී මෙම නිළිය ඇතුළු ගණිකාවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන කෝරලයිම දෙමටහැත්ත ප්රදේශයේදීයි.
මෙම ජාවාරම මෙහෙයැවූ නිළිය මල්වානේ පදිංචිකාරියක බව මධ්‍යම දූෂණ මර්දන බළකාය සඳහන් කළේය.
මෙම කාන්තාව තරුණියන්ව ගණිකාවන් ලෙස අලෙවි කරනු ලබන්නේ රුපියල් 30,000 සිට ඉහළ ගණන්වලට බව ද අනාවරණය වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් අවුරුදු 25ත් - 45ත් අතර වයස් ගණන්වල පසුවන බියගම, අම්පාර, බොරලැස්ගමුව, මාතර යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පැවසෙන්නේ.
මෙම කාන්තාවන් සුපිරි තරු පන්ති සාදවලදී ව්‍යාපාරිකයන් සමඟ විදේශීය මත්පැන් පානය කරමින් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් ව්‍යාපාරිකයන්ගේ මනදොල සපුරාලීමට කටයුතු කර ඇති බව ද විමර්ශනවලින් හෙළිවූ බව පොලිසිය කියයි.
මෙම ජාවාරම මෙහෙයැවූ නිළිය ව්‍යාපාරිකයන් අතර ප්‍රසිද්ධියක් ලබාගෙන ඇති බැවින් සෙසු නිළියන්ව ඇය ව්‍යාපාරිකයන්ට අලෙවි කර ඇති බව ද විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත.
ව්‍යාපාරිකයන්ට තරු පන්තියේ හෝටල් කාමර වෙන් කර ගන්නා ලෙස පවසා එම හෝටල් කාමරවලට නිළියන් රැගෙන ගොස් මෙම ජාවාරම ඇය විසින් සිදු කර ඇති බව ද විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
මේ අතර, මෙම පිරිස තවත් සංවිධානාත්මක කල්ලියක් සමග එක්ව ධනවත් ව්‍යාපාරිකයන් අයිස් මත්ද්‍රව්‍යවලට සුක්ෂමව ඇබ්බැහි කර ඔවුන්ගේ මුදල් වංචා සහගතව ලබාගන්නා බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
ඒ සදහා ඔවුන් මුදලට මත්පැන් සාද ද පවත්වනු ලබන බවයි පැවසෙන්නේ.
මොවුන්ගේ කල්ලියේ තවත් ප්‍රධාන කාන්තාවක් වන්නේ කලින් කලට විවිධ ප්‍රදේශවල පදිචිය වෙනස් කරමින් ජීවත් වන අනුෂා නමින් හදුන්වන කාන්තාවක්.
අවසන් වරට ජාඇල ප්‍රදේශයේ ලැගුම් ගෙන සිටි මැය මේ වනවිට එම ස්ථානයෙන් ද අතුරුදන්ව සිටින බවයි පැවසෙන්නේ.
මෙම කාන්තාවට රැවටුනු පුද්ගලයෙක් ඇයගේ කල්ලිය විසින් පවත්වන මත්පැන් සාද උගුලකට හසුව ඇති අතර, ඔහු සිය අදහස් දැක්වූ ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.
මධුවිතෙන් මත්වන ධනවත් ව්‍යාපාරිකයන්ට පෙනෙන ලෙස මොවුන් අයිස් මත්ද්‍රව්‍යද භාවිතා කරමින් ඔවුන්ව ඒ සදහා පොළඹවන බවයි වාර්තා වන්නේ.
මොවුන්ට අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව ද තොරතුරුකරු මෙහිදී හෙළි වූ අතර ඒ සඳහා නාකොටික් නිලධාරීන් ද සම්බන්ධ බවත්, ඒ සඳහා එම නිලධාරීන්ට කාන්තාවන් ලබා දෙන බවත් හෙළිදරව්වී ඇත.
මෙම සැකකාරිය වාහන වංචාවක් සිදු කර මේ වනවිට සැඟව සිටින තැනැත්තියක් බවට ද තොරතුරු වාර්තා වේ.
වාර්තා කරගත් තොරතුරු අනුව, අදාල කාන්තාව හැදුනුම්පත් අංක 2 කින් තම නමට 2014 දී හා 2018 දී විදෙස් ගමන් බලපත්‍ර 02 ක් ලබාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධව වැඩි විස්තර පහත වීඩියෝව තුළින් නරඹන්න.