ලිංගික හැඟීම් අවුස්සා රෙකෝඩ් කළ නිළියන් මාට්ටු වෙයි..06කට සිදුවූ දේ මෙන්න..

Sri Lanka Police Sri Lanka Thilini Priyamali
By Aruna Oct 26, 2022 02:29 AM GMT
Aruna

Aruna

Report

රුපියල් කෝටි 500 කට අධික මුදලක් වංචා කළ බව කියන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග එක්ව ධනවත් පුද්ගලයන් බියගන්වා රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ලවී ඇති රංගන ශිල්පිනියන් හය දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

මෙම රංගන ශිල්පිනියන් හයදෙනාට මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති මෙම රංගන ශිල්පිනියන් හයදෙනා ඇයගෙන් ලක්ෂ ගණනින් මුදල් සහ විවිධ වටිනා දේ ලබාගෙන ඇති බව ද විමර්ශනවලින් හෙළිවී ඇත.

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව විවිධ ධනවත් ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් සහ ප්‍රභූන් බියට පත්කර මුදල් ලබාගැනීම සඳහා මෙම රංගන ශිල්පිනියන් යොදාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.

ධනවත් පුද්ගලයන් සමග ලිංගික සබඳතා පවත්වා ඒවා රහසේ වීඩියෝ ගතකර එම වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ සමාජජාලා වෙබ් අඩවි වෙත මුදාහරින බවට තර්ජනය කර එම ධනවතුන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇත.

ඇතැම් රංගන ශිල්පිනියන් ධනවත් පුද්ගලයන්ට දුරකථනයෙන් කතාකර ඒ ඔස්සේ ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයට හැසිරී එම හඬපට සමාජය වෙත මුදාහරින බවට තර්ජනය කර මුදල් ලබාගෙන තිබෙන බවද හෙළිවී තිබේ.

මේ ආකාරයට එක්තරා රංගන ශිල්පිනියක ධනවත් පුද්ගලයකු සමග දුරකථනයෙන් අසභ්‍ය ලෙස හැසිරෙන හඬපට 04 ක් මීට ටික කලකට පෙර සමාජ ගතකර තිබිණි.

එම හඬපටද තිළිණි ප්‍රියමාලි සමග එක්ව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක විසින් පැවැත්වූ එකක් බව අනාවරණය වී ඇත.

මෙම රංගන ශිල්පිනියන්ට එරෙහිව මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර මේ ආකාරයට විවිධ ධනවතුන් බියගන්වා මොවුන් ඉපැයූ මුදල් සම්බන්ධයෙන්ද පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now