අපි කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ නළුවකු වෙඩි වැදීමෙන් රෝහලට ..

By Piyumika Oct 01, 2024 06:57 AM GMT
Report

ප්‍රවීන බොලිවුඩ් නළු ගෝවින්දගේ දණහිසට අත්වැරදීමකින් වෙඩි වැදීමක් හේතුවෙන් මුම්බායි හි ක්‍රිටෙකෙයා රෝහලට ඇතුළත් කර තිබේ.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දීමනාවක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ තීරණයක් ..

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දීමනාවක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ තීරණයක් ..

අද අලුයම 4:45 ට පමණ ඔහුගේ නිවසේ දී බලපත්‍රලාභී රිවෝල්වරය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් වෙඩි උණ්ඩය ඔහුගේ දණහිසට වැදී ඇති අතර ඔහුව වහාම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ඔහුගේ කළමනාකරු පැවසුවේ ගෝවින්දාගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

වෛද්‍යවරු විසින් ඔහුගේ කකුලේ තිබූ උණ්ඩය සාර්ථකව ඉවත් කර ඇති අතර, ගෝවින්ද මේ වන විට සුව අතට පත්වෙමින් සිටින බවත් වාර්තා වේ.

පොලිසියේ යකා නැටු ඇමති චාමරට මොකක් වෙයිද.. යළිත් විමර්ශනයට නිර්දේශයක්..

පොලිසියේ යකා නැටු ඇමති චාමරට මොකක් වෙයිද.. යළිත් විමර්ශනයට නිර්දේශයක්..

මෙම රිවෝල්වරය බලපත්‍රලාභී එකක් බවට තහවුරු කර ඇති පොලිසිය අනතුර සම්බන්ධ තත්ත්වය පිළිබඳව මේ වන විට විමර්ශන සිදු කරයි.

60 හැවිරිදි වියේ පසුවන මෙම නළුවා මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පැමිණිල්ලක් ලැබී නොමැති බව මුම්බායි පොලිසිය පවසනවා.

අපි කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ නළුවකු වෙඩි වැදීමෙන් රෝහලට .. | Actor Govinda Was Shot In The Knee Hospitalized

අපි කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ නළුවකු වෙඩි වැදීමෙන් රෝහලට .. | Actor Govinda Was Shot In The Knee Hospitalized