මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන් සිටියි
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයයි.
මේවනවිට පළාත් පාලන ආයතන 258ක ප්‍රතිඵල නිකුත් වී අවසන් වේ.
ඒ අනුව පළාත් පාලන ආයතන 200ක බහුතර සභිකයින් සංඛ්‍යාවක් දිනාගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටියි.
ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින පළාත් පාලන ආයතන අතරින් ආයතන 99ක තනිව බලය පිහිටුවීමට ඔවුන්ට අවස්ථාව ඇත.
සෙසු පළාත් පාලන ආයතන බහුතරයක ජාතික ජන බලවේගය වැඩි සභිකයින් සංඛ්‍යාවක් දිනා ගනිමින් පෙරමුණේ සිටියත් සෙසු පක්ෂ ලබාගත් සභිකයින් සංඛ්‍යාව එය ඉක්මවා තිබෙනවා.