දරුණු අනතුරක්, බස් රථයෙන් ඇදවැටී තරුණයෙක් ජීවිතක්ෂයට

Report

බස් රථයකින් ඇදවැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලීසිය වාර්තා කළේ ඊයේ (18) දින රාත්‍රී කාලයේ කිලිනොච්චිය පොලිස් වසමේ උරුත්තිපුරම් මාර්ගයේ 8 ඇල ප්‍රදේශයේදී අරවියර් නගර් දෙස සිට උරුත්තිපුරම් දෙසට ධාවනය වූ බස් රථයකින් මෙසේ මගියෙකු ඇද වැටී තිබෙන බවයි.

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

එසේම අනතුරින් තුවාල ලැබූ මගියා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාර්තා වූ ලෙසට මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ උරිත්තිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

එසේම මෘතශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළ ආකාරයට ඇගළුම් ආයතනයක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකින් ඇද වැටී මෙම අනතුර සිදුවී තිබෙන අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.

එමෙන්ම කිලිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකර‍යි.  

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි