බිහිසුණු දුම්රිය අනතුරක්...එකම පවුලේ 03ක් මරුට..

Accident Badulla Train accident
By Aruna Dec 08, 2021 07:54 AM GMT
Aruna

Aruna

Report

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පවසා සිටියේ, අද (08) උදෑසන 11.55ට පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ දී එම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් මව, පියා සහ පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ වනවිට මෘත දේහයන් නාවලපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.

 මෙලෙස දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, පියා , මව සහ පුතු බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් මස්කෙළිය - සාමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

දුම්රියේ ගැටී මියගිය වැඩිමහල් පිරිමි පුද්ගලයා ශාන්ත කුමාර් රාජ් (40) නමැති අයෙකු බව ද ඔහුගේ ජාතික හැදුනුම්පතෙන් මේ වනවිට තහවුරු කරගෙන තිබෙනවා.

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගා වීමට ප්‍රථම එම තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් අසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට ඔවුන් ගමන් කළ බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු පොලීසියට සඳහන් කර තිබෙනවා.

මෙම තිදෙනා දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තා ද නැතහොත් දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් වුවා ද යන්න පිළිබඳ ව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ මේ වනවිටත් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් තිදෙනාගේ සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් භාරදීමට එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery