දික්කසාදය ප්‍රශ්නයක් හිතේ තියන් රියපැදවූ මෝටර් රථ රියදුරෙකු 35ක් මෝටර් රථයට යට කර මරාදමයි.

By Aruna Nov 13, 2024 06:03 AM GMT
Report

මෝටර් රථයක් ක්‍රීඩාංගණයක් තුළට ධාවනය කරවීමෙන් සිදු කළ අනතුරකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන පව වාර්තා වනවා.

දකුණු චීනයේ සිදුවූ මෙම මෝටර් රථ අනතුර දශක ගනනාවක් තුළ රට තුළ සිදු වූ දරුණුතම මහජන ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙසයි සැලකෙන්නේ.

ක්‍රීඩාංගනයට සිය මෝටර් රථය ඇතුළු කර ඇති පුද්ගලයෙකු ධාවන පථයේ ව්‍යායාම කරමින් සිටි පුද්ගලයින් යට කර ධාවනය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඡන්දෙට ඔන්න මෙන්න තියල තෙල් මිලෙහි දැනෙන අඩුවීමක්..නව මිල ගණන් මෙන්න.

ඡන්දෙට ඔන්න මෙන්න තියල තෙල් මිලෙහි දැනෙන අඩුවීමක්..නව මිල ගණන් මෙන්න.


ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 45කට අධික බවයි පැවසෙන්නේ.

ඔවුන් අතර වැඩිහිටියන් සහ ළමුන් ද සිටින බව විදෙස් මාධ්‍යයන්හි සඳහන් කරන අතර, මෙම අනතුරු සිදු කර ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙක්.

පොලීසිය පැවසුවේ, ඔහු දික්කසාද සමථයකට පත් වීම පිළිබඳ කනස්සල්ලෙන් පසුව ඇති බවයි.

මෝටර් රථ අනතුර සිදු කර ක්‍රීඩා මධ්‍යස්ථානයෙන් පලා යාමට තැත් කිරීමේදී සැකකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔහු විසින්ම සිය ගෙලට සහ ශරීර කොටස්වලට තියුණු ආයුධයකින් තුවාල සිදුකරගෙන තිබූ බවයි.

අද ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..

අද ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..


මෙම සිදුවීම චීනයේ දැඩි මහජන විරෝධයක් දක්වා දිග්ගැස්සී ඇති අතර ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දෙන බවයි.