සියල්ල සලිත කරමින් ඇසිල්ලකින් වුණු අනතුර

Hospitals in Sri Lanka Accident Sinhala news
By Mithu Apr 30, 2025 08:06 AM GMT
Mithu

Mithu

Report

හෙදියක් ධාවනය කල මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක් පමණ ප්‍රපාතයෙන් යුත් තේ වත්තකට පෙරලී තිබෙනවා. අද (30) උදෑසන 8.30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් කැන්දගොල්ල වත්ත ප්‍රදේශයේදීයි.

‘දේශපාලනයට ගාලුමුවදොර පාවිච්චි කරන්නේ නෑ, මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා’

‘දේශපාලනයට ගාලුමුවදොර පාවිච්චි කරන්නේ නෑ, මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා’

අනතුරින් තුවාල ලැබූ ඇය දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඇය සේවය සඳහා හැටන් සිට දික්ඔය මූලික රෝහල දක්වා යමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි නෝර්වුඩ් පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයට ඉදිරියෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සරකර යෑමට උත්සහ කිරිමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයක ගැටීමට යෑමේදී ඇය විසින් මෝටර් රථය තේ වත්ත දෙසට හැරවීමත් සමග මෝටර් රථය ඇයගේ පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවට සදහන්.

දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්

දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්

ReeCha