දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්
By Hashini
සිරි දළදා වන්දනාව සඳහා ප්රභූ පෝලිමක් නැති බව කීවද එහි ප්රභූ පෝලිම හරහා පනස් හයදහසක් දළදා වන්දනාව සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සමන් රත්නප්රිය මහතා සඳහන් කරනවා.
මහජනතාවට නැති කිසිදු වරප්රසාදයක් ඕනෑ නැතැයි කී ජාතික ජන බලවේග මන්ත්රීවරුන් අද රහසින් එම වරප්රසාද භුක්ති විඳිමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
හෙතෙම චෝදනා කළේ ප්රසිද්ධියේ ඩබල් කැබ් රථයේ ගමන් කරන ඔවුන් ටික දුරක් ගොස් නැවත වී 8 රථයට ගොඩවන බවයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින්.