සිගිත්තන් දෙදෙනාවත් කැටුව ඡන්ද නිවාඩුවට ගෙදර යන්නයි ගියේ..ඒත් අවසානේ අත් වූ අවාසනාවන්ත ඉරණම..

By Piyumika Nov 12, 2024 08:58 AM GMT
Report

ලොරියක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෝ ලිව්වයි කියන ලිව්ම..ඇයි අපිට පෙන්නනේ නැතුව අරන් ගියේ..සිසුවියගේ මරණය ගැන පවුලේ ඥාතීන් ප්‍රශ්න කරයි..

කෝ ලිව්වයි කියන ලිව්ම..ඇයි අපිට පෙන්නනේ නැතුව අරන් ගියේ..සිසුවියගේ මරණය ගැන පවුලේ ඥාතීන් ප්‍රශ්න කරයි..

කුඩා දරු දෙදෙනෙකු ඇතුළු අඹුසැමි යුවළක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් මෙසේ අනතුරට ලක්ව තිබෙන අතර මියගොස් ඇත්තේ කුඩා දරු දෙදෙනාගේ මව වන 34 හැවිරිදි කාන්තාවක්  බවයි පොලිසිය පවසන්නේ.

හොරණ, ගෝනපොළ ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙන අතර බරපතල තුවාල ලැබූ දරු දෙදෙනෙකු සහ ඔවුන්ගේ පියා රෝහල් ගත කළ බව පොලිසිය පැවසු අතර තුවාල ලද සියලු සියලු දෙනාගේම හිස ප්‍රදේශවලට බරපතල තුවාල සිදුවී තිබෙන බවයි  රෝහල් ආරංචි මාර්ග සදහන් කරනුයේ.

මැස්සෙක්ටවත් වහන්න දෙන්නේ නෑ කියලා ගෙනාවේ..එහෙම එකේ ඔහේව ලේසියෙන් අතඅරියි කියලා හිතුවද..

මැස්සෙක්ටවත් වහන්න දෙන්නේ නෑ කියලා ගෙනාවේ..එහෙම එකේ ඔහේව ලේසියෙන් අතඅරියි කියලා හිතුවද..

මහ මැතිවරණයට ඡන්දය දැමීම සඳහා පිළියන්දල සිට මිද්දෙණිය ප්‍රදේශය කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇති බවයි පැවසෙන්නේ.