කුලප්පු වුන මී හරක් රංචුවක් නිසා ළමයි 05ක් රෝහල්ගත කරයි.

Sri Lanka Hospitals in Sri Lanka Accident
By krishani Jul 11, 2023 05:35 AM GMT
krishani

krishani

Report

අද (11) උදෑසන හල්දුම්මුල්ල - බත්ගොඩ ප්‍රදේශයේ පාසල් යමින් සිටි දරුවන් පස් දෙනකු පසුපස මීහරක් රංචුවක් පන්නා තිබෙනවා. 

එම පැන්නීමෙන් තුවාල ලැබූ දරුවන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

පොලිසිය සඳහන් කළේ, මෙලෙස රෝහල් ගතකර ඇත්තේ හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් බත්ගොඩ විපුලානන්ද දෙමළ මහ විදුහලට යමින් සිටි සිසුන් පස් දෙනෙක් බවයි.

බත්ගොඩ මංසන්ධියේ සිට විදුහලට පා ගමනින් යමින් සිටිය දී පුද්ගලයෙකු විසින් දක්කාගෙන ආ මී හරක් කුලප්පු වී දරුවන් පසුපස පන්නා ඇති අතර තුවාල ලැබූ දරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.