04ක් ගමන් කළ යතුරුපැදියක් අනතුරට ලක්වෙයි..එක් අයෙක් මරුට.(PHOTOS)

Police spokesman Hambantota Accident Death
By Aruna Jul 24, 2024 04:13 AM GMT
Aruna

Aruna

Report

හම්බන්තොට සූරිය වැව අඩි 100 මාර්ගයේ වියළි කලාපීය උද්භිත උද්‍යානය අසලදී සිව් දෙනකු ගමන් කොට ඇති යතුරුපැදියක් හා නාවික හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ එක් අයකු මියගොස් අනෙක් තිදෙනා තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කරන්නේ, මියගිය පුද්ගලයා වයස අවුරුදු තිස්තුනක් වූ පෙදෙරේරුවකු බවයි.

මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන් හම්බන්තොට මානජ්ජාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මීට අදාල ඡායාරූප පහතින් දැක්වේ,

GalleryGalleryGalleryGalleryGallery