දුම්රියක අලි රංචුවක් ගැටී බරපතල අනතුරක්..03ක් මියයයි..

Report

කන්කසන්තුරේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් වන අලි තිදෙනෙකු මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මෙම වන අලි තිදෙනා ඊයේ (27) රාත්‍රියේ 11.50ට පමණ ගල්ගමුව නගරයට ආසන්නයේ දී මෙලෙස දුම්රියේ ගැටී මෙම අනතුර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස වන අලි දුම්රියේ ගැටීමෙන් දුම්රියේ එන්ජිමේ කොටසකට ද හානි සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ, අනතුරෙන් පසු පැයක පමණ ප්‍රමාදයකින් අනතුරුව දුම්රිය යළි කොළඹ බලා ගමන් ඇරඹු බවයි.

මෙම අනතුරින් මිය ගොස් ඇති සහ තුවාල ලබා ඇති වන අලි පිළිබඳව ගල්ගමුව වන අලි පාලන ඒකකට දැනුම්දීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ..

දුම්රිය මගීන් සම්බන්ධයෙන් දැඩි පියවර.

දුම්රිය මගීන් සම්බන්ධයෙන් දැඩි පියවර.