දුම්රිය මගීන් සම්බන්ධයෙන් දැඩි පියවර.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම වැටලීම් මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් සිදුකරන බව වාර්තා වෙනවා.
දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබුණේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමඟයි.
මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට වැඩි වශයෙන් පෙළඹී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන්ගෙන් දඩ වශයෙන් රුපියල් 225,000 කට ආසන්න මුදලක් අය කරගෙන ඇති බවයි.
එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේ ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන් 72 දෙනෙකුගෙන් මෙම දඩ මුදල් අය කරගෙන ඇති බවය.