අටපට්ටම් හැඩැති පියාසර වස්තුව 04කට වෙඩි තබා බිම හෙළයි..ඇමරිකාවටත් රතු එළියක්.
By Aruna
ඇමරිකා එක්සත් ජනපදය හඳුනා නොගත් තවත් පියාසර වස්තුවකට වෙඩි තබා බිම හෙළා තිබෙනවා.
මෙය ඇමරිකානු ගුවන් සීමාවේ පාවූ චීන බැලුනයකට වෙඩි තැබීමෙන් පසු වාර්තා වූ හතරවන සිදුවීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
හුරොන් විලට ඉහළින් අහසේදී ප්‍රහාරක ජෙට් යානයක් යොදවා මෙම අටපට්ටම් හැඩැති පියාසර වස්තුව විනාශ කර ඇති බවටයි වාර්තාවන්නේ.
ගුවන් හමුදා ජෙනරාල් ග්ලෙන් වැන්හර්ක් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, චීන බැලුනයට අමතරව වෙඩි තබා විනාශ කළ අනෙක් සියලුම හඳුනා නොගත් වස්තුන් තුනම පැමිණියේ කුමන ප්‍රදේශයේ සිට ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |