ඝාතන චෝදනාවකට සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු යළිත් රිමාන්ඩ්

Report

මනුෂ්‍ය ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගත් පොළොන්නරුව , ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී අබ්දුල් සමඩ් ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි .

ඒවගේම ආපදා වලින් පීඩාවට පත්ව සිටි පිරිසක් පසුගිය සෙනසුරාදා පැමිණ සැකකාර මන්ත්‍රීවරයාගෙන් ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ පහර දීමක් සිදුව තිබුණි.

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව යළි කැඳවන්න දින දෙයි

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව යළි කැඳවන්න දින දෙයි

පහර කෑමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල් ගත කරව් තිබේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ද සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

තවද එම සිදුවීමට මැදිව සිටි තවත් පුද්ගලයෙකු නිවසට පැමිණීමෙන් පසුව රෝගී වී රෝහල්ගත කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි එම්. ආර්. නයිසර් නමැති එක්දරු පියෙකි.

එම පුද්ගලයා ද පහර කෑමකට ලක්ව ඇතැයි විමර්ශනයේදී අනාවරණය විය ඒ හේතුවෙන් සර්වජන බලය පක්ෂයේ ලංකාපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අබ්දුල් සමඩ් පෙරේදා යළි අත්අඩංගුවට ගෙන තිබේ. 

අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල් රිමාන්ඩ්

අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල් රිමාන්ඩ්