නොහිතපු වෙලාවක අත්වුණ ඉරණම - සියලු හදවත් සසල කරමින් මෙලොවින් සමුගත් තරුණිය.. (PHOTOS)

Report

ගෙවත්තේ තිබු ළිඳකට වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳ තොරතුරු වව්නියාව, සමනංගුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

නොහිතපු වෙලාවක අත්වුණ ඉරණම - සියලු හදවත් සසල කරමින් මෙලොවින් සමුගත් තරුණිය.. (PHOTOS) | A Young Woman Dies In Vavuniya

මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව, සමනංගුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තවරුපන් ලක්ෂිකා නම් තරුණියකී.

අදාළ තරුණිය ඊයේ (17) පෙරවරු 5.3 ට පමණ ළිං මෝටරය ක්‍රියාත්මක කිරීමට යාමේ දී එහි නළය කැඩීම හේතුවෙන් එය නැවත සෑදීමට උත්සහ කිරීමේදී ළිඳට වැටී තිබෙනවා.

පසුව මෝටරය නොනවත්වා ක්‍රියාත්මක වන බව දුටු අසල්වාසීන් ළිං පතුලට ගොස් පරික්ෂා කිරීමේ දී අදාළ තරුණිය ළිඳට වැටී ඇති අයුරු දැක ඇත.

නොහිතපු වෙලාවක අත්වුණ ඉරණම - සියලු හදවත් සසල කරමින් මෙලොවින් සමුගත් තරුණිය.. (PHOTOS) | A Young Woman Dies In Vavuniya

අනතුරුව අසල්වාසීන්ගේ සහය ඇතිව දැරියව බේරාගෙන වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් විසින් ඇය ඒ වනවිටත් මියගොස් ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් චිදම්බරපුරම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

GalleryGalleryGalleryGallery