හෝටල් කාමරයක දී සිය පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමේ දී අධික රුධිර වහනයකින් 23 හැවිරිදි තරුණියකට සිදු වූ දේ.

By Aruna Oct 02, 2024 04:16 AM GMT
Report

සිදුවූයේ කුමක් වුවත් ඇය ගැන සිතා ගත යුතු හොඳම තීරණය ගන්න එක ඔහුගේ යුතුකමක් වුවත් ඔහු ඒ තීරණයට ප්‍රමාද වුණාද..?

පොලිසියට දැන් සැක මතුවී ඇත්තේ අන්න ඒ ගැනයි.

කොහොම වුණත් මේ අවාසනාවන්ත පුවත නිසා ඇයට මේ වෙනකොට දිවි අහිමිවෙලා තියෙනවා.

හෝටල් කාමරයක දී සිය පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමෙන් පසු අධික රුධිර වහනයකින් 23 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

විශාල ඉන්ධන මිල අඩු කිරීමක් එකවර ලබාදීමට ජනපති අනුර තීරණය නොකළ හේතුව මෙන්න..

විශාල ඉන්ධන මිල අඩු කිරීමක් එකවර ලබාදීමට ජනපති අනුර තීරණය නොකළ හේතුව මෙන්න..


ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය සැප්තැම්බර් 23 වනදා බවත් ඒ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ, නවසාරි ප්‍රදේශයෙන් බවයි.

මොවුන් දෙදෙනා ලිංගිකව එක්වෙමින් සිටියදී තරුණියගේ යෝනි මාර්ගයෙන් එකවරම ලේ ගැලීමක් සිදුව තිබේ.

එම අවස්ථාවේ දී පෙම්වතිය රෝහල් ගත කරනවා වෙනුවට ලේ ගැලීම නතර කරන්නේ කෙසේදැයි සොයමින් පෙම්වතා අන්තර්ජාලය පිරීක්සා කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

එහිදී ලේ ගැලීම නැවැත්වීම සඳහා ඔහු රෙදි කැබැල්ලක් භාවිත කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය ව්‍යාර්ථ වී පෙම්වතිය සිහසුන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මහා ටයිල් වෙන්දේසියක්..ලාභය බෙදාගන්න ප්‍රබල කුමන්ත්‍රණයක්.

මහා ටයිල් වෙන්දේසියක්..ලාභය බෙදාගන්න ප්‍රබල කුමන්ත්‍රණයක්.


බියට පත් වූ පෙම්වතා මිතුරියක හෝටලයට කැඳවාගෙන පෙම්වතියව පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

පසුව රෝගී තරුණිය රජයේ රෝහලක් වෙත මාරුකර යවා ඇති අතර, පෙම්වතා සිය පෙම්වතියගේ දෙමාපියන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඔවුන්ට විස්තරය පවසා ඇති බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ, අනතුරුව ඔවුන් රෝහලට පැමිණෙන විටත් තරුණිය මිය ගොස් සිටි බවයි.

පොලිසිය විසින් තරුණියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

අලුත් මාසෙ අලුත් දිනයක ලග්න රැසකට එකම දෙයක් සිදුවෙයි..කල්පනාකාරීව වැඩ කරන්න..

අලුත් මාසෙ අලුත් දිනයක ලග්න රැසකට එකම දෙයක් සිදුවෙයි..කල්පනාකාරීව වැඩ කරන්න..


මේ අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, 26 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගත් බවයි.