විශාල ඉන්ධන මිල අඩු කිරීමක් එකවර ලබාදීමට ජනපති අනුර තීරණය නොකළ හේතුව මෙන්න..

Report

විශාල ඉන්ධන සහනයක් එකවර ලබාදීමට ජනාධිපති අනුර දිසානයක මහතා කැමැත්තක් නොදක්වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න මහතා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ, එය පෝලිම් ඇතිවීමට හේතු විය හැකි බවයි.

තෙල් සංස්ථාව සතුව එළඹෙන අප්‍රේල් මාසය දක්වා හිඟයක් නොමැතිව ඉන්ධන සම්පාදනය සඳහා අවශ්‍ය සියලු ඇණැවුම් ලබා දී ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ප්‍රධාන බැංකුවක සභාපතිවරයෙක් නව ජනපති අනුරට සුබපතමින් කියූ දේ..

ප්‍රධාන බැංකුවක සභාපතිවරයෙක් නව ජනපති අනුරට සුබපතමින් කියූ දේ..


හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, ප‍්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් සතිපතා සැලසුම් කරන බවයි.

වඩාත් කාර්යක්ෂම ඉන්ධන සැපයීමක් සඳහා ඉන්ධන පිරිපහදු අංශය දියුණු කිරීම තෙල් සංස්ථාවේ අරමුණ බවද පවසන ඔහු මෑතකාලීන ඉන්ධන මිල සංශෝධනය දැනට පවතින මිල සංශෝධනය අනුව සිදුකරන ලද අතර මහජනතාවට වැඩි සහන ලබා දීම සඳහා මිල සූත්‍රය වැඩිදියුණු කිරීමට අදහස් කර සිටින බවයි සඳහන් කර සිටියේ.

‘වෙනත් පාර්ශව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කළ නොහැක. නව රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැකියි.

අලුත් මාසෙ අලුත් දිනයක ලග්න රැසකට එකම දෙයක් සිදුවෙයි..කල්පනාකාරීව වැඩ කරන්න..

අලුත් මාසෙ අලුත් දිනයක ලග්න රැසකට එකම දෙයක් සිදුවෙයි..කල්පනාකාරීව වැඩ කරන්න..


ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවග රාමුව තුල’ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණ වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීමට නියාමන කොමිෂන් සභාවට භාරදීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.