මහා ටයිල් වෙන්දේසියක්..ලාභය බෙදාගන්න ප්‍රබල කුමන්ත්‍රණයක්.

Report

කොළඹ වරායේ අද (02) පැවැත්වෙන ටයිල් ඇතුළු කන්ටේනර් විස්සක වෙන්දේසියට ව්‍යාපාරිකයන් කිසිවකුට ඉදිරිපත් නොවන ලෙස වරායේ වෙන්දේසි මෙහෙයවන පාතාල කල්ලිය දැනුම් දී ඇතැයි බුද්ධි අංශ හෙළිකරගෙන ඇතැයි වාර්තා වනවා.

මෙම කන්ටේනර් සියල්ල තමන් අතට ගෙන වරාය තුළදීම සෙකන්ඩ් සේල් ක්‍රමයට විකුණා ලාභයෙන් සියයට පනහක් පාතාල කල්ලිය මෙහෙයවන විදෙස්ගත නායකයාටද, ඉතිරි ලාභය කොටස්වලට වෙන් කිරීමේදී ඉන් කොටස් දහයක් මෙම කල්ලියේ මෙරට සිටින අනුගාමිකයන්ටද වෙන් කිරීමට නියෝග කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

අලුත් මාසෙ අලුත් දිනයක ලග්න රැසකට එකම දෙයක් සිදුවෙයි..කල්පනාකාරීව වැඩ කරන්න..

අලුත් මාසෙ අලුත් දිනයක ලග්න රැසකට එකම දෙයක් සිදුවෙයි..කල්පනාකාරීව වැඩ කරන්න..


බුද්ධි අංශයේ නිලධාරියකු පවසා ඇත්තේ, මෙම ටෙන්ඩරයට වරාය අධිකාරියෙන් ඉදිරිපත් කරන තක්සේරු මිල පවා පාතාල කල්ලිය වරාය තුළ මෙහෙයවන නියෝජිතයාගේ ජංගම දුරකථනයට වරායේ දූෂිත නිලධාරීන් එවා තිබෙන බවට අනාවරණය කරගත් බවයි.

‘‘අද (02) පැවැත්වෙන ටෙන්ඩරයට බහුතරයක් ව්‍යාපාරිකයන්ගේ ගෝලයන් එවන්න තීරණය කරලා. ඒ අයත් ටෙන්ඩරයට ඇවිත් පාතාල කල්ලිය අතට ටෙන්ඩරය ගන්න දීලා ඔවුන් දෙන ගාණක් ගන්න සැලසුම් කරලා.

මේ තත්ත්වය තුළ ව්‍යාපාරිකයන් බියවද්දලා’’ යැයිද එම නිලධාරියා සඳහන් කර ඇත. මෙම ටෙන්ඩරය තුළ සිදුවන අක්‍රමිකතා සෙවීමට බුද්ධි අංශ කණ්ඩායම් යෙදවීමටද අවධානය යොමුකර ඇති බවයි පැවසෙන්නේ.

ටයිල් කන්ටේනර් 15 ක් වෙන්දේසි කිරීමට යාමේදී පාතාල කණ්ඩායම්වල බලපෑමෙන් ව්‍යාපාරිකයන් බියවී ඇතැයි 2024 සැප්තැම්බර් 26 දා ප්‍රධාන පුවත්පතක් විසින් හෙළිකළ පසු එවකට මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා එම ටෙන්ඩරය අවලංගු කර ඇත.

අද සවස ප්‍රදේශ රැසකට දැනුම්දීමක්..මේ ගැන අවධානයෙන් ඉන්න.

අද සවස ප්‍රදේශ රැසකට දැනුම්දීමක්..මේ ගැන අවධානයෙන් ඉන්න.


ඉන්පසුව ජනාධිපතිවරණයෙන් දින තුනකට පසු යළි එම ටෙන්ඩරය කැඳවීමට යාමේදී එල්ල වූ පාතාල බලපෑම් නිසා අද (02) දක්වා කල් තබා ඇත.