බිහිසුණු රිය අනතුරකින් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ජීවිතක්ෂයට.. ආරක්ෂකයාත් අනතුරින් මියයයි..(PHOTOS)

Death Penalty Accident
By Aruna Feb 23, 2024 07:45 AM GMT
Aruna

Aruna

Report

භාරත රාෂ්ට්‍ර මන්ත්‍රීවරියක්වන Lasya Nandita අද (23) හයිද්‍රාබාද්හි සිදුවූ ඛේදජනක රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ, පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වූ 37 හැවිරිදි ඇයගේ වාහනය පාලනය කරගත නොහැකිව මාර්ග බෙදීමේ යන්ත්‍රයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබූ බවයි.

අනතුර සිදු වූ වහාම Lasya Nandita රෝහලට රැගෙන ගිය අතර පසුව ඇය රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ, අනතුරට සම්බන්ධ රියැදුරු බරපතළ තුවාල ලබා දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මීට දින දහයකට පෙර නාකට්පල්ලි ප්‍රදේශයේදී සිදුවූ තවත් අනතුරකින් Lasya දිවි ගලවාගෙන ඇති අතර එහිදී ඇය සුළු තුවාල ලබා තිබුණා.

පෙබරවාරි 13 වන දින ඇය මහ ඇමතිවරයාගේ රැලියකට සහභාගී වීම සඳහා නල්ගොන්ඩාවට යමින් සිටියදී හදිසි අනතුරක් සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ ග්‍රාමාරක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

GalleryGalleryGallery
ReeCha