හෙට ඉදලා සතියක් රටේ කරන්න යන නොසිතූ විශේෂ දේ මෙන්න..
By krishani
පවතින තත්ත්වයට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට හෙටට (09) මාසයක් සම්පූර්ණ වේ.
ඊට සමගාමීව හෙට සිට ඇරඹෙන සතිය දිවයින පුරා විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා ය.
ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද(08) ක්‍රියාත්මක කෙරෙන්නේ 30 වන දිනටයි.
කෙසේවෙතත් රට තුළ පවතින අර්බුදයට සහ හදිසි නීතිය පැනවීමට විරෝධය පළ කරමින් මෙම සතියේ දී විරෝධතා සංවිධානය කරන බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට අයත් වෘත්තීය සමිති සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |