නව ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්.

European Union Sri Lanka Government Of Sri Lanka
By Wayomi Apr 11, 2023 07:27 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් පවතින බව යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් ෂායික් පවසනවා.

ඒ, යෝජිත නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හේතුවෙන්.

ඔහු විසින් යොමු කර ඇති නිවේදනයක සඳහන් වන්නේ, යම් හෙයකින් ජී.එස්.පී. ප්ලස් දීර්ඝ කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ට අධික වෙළෙඳ සහනයක් එසේ අහිමි වනු ඇති බවයි.

එමෙන්ම මෙරට ජර්මන් තානාපති කාර්යාලය විසින් පසුගිය පෙබරවාරි මාසයේ ද අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණේ, මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වයක් ලබානොදුනහොත් ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමට ඉඩ ඇති බව පවසමින්.

අදාල නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පුද්ගලයෙකු ත්‍රස්තවාදියෙකු ලෙස සලකා සිරගත කිරීමට ජනාධිපතිවරයාට මෙම පනත හරහා බලය පැවැරීම අසාමාන්‍ය ශක්තිමත් බලයක් ගොඩනැගීමක් බවයි.

ඒ අනුව මෙම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ විනිවිදභාවය හා පවතින තත්ත්වය පිළිබඳව මෙන්ම මෙම පනත හරහා ජනාධිපතිවරයා වටා බලයක් කේන්ද්‍රගත වීම යන කරුණු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බව ද යුරෝපා සංගමයේ මෙරට තානාපතිවරයා සිය නිවේදනය තව දුරටත් අවධාරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW