භයානක තත්ත්වයක්...අවදානමේ වැටෙන්නට පෙර වහාම දැනුවත් වෙන්න..
වෛරස් රෝගයක් හේතුවෙන් ඌරු කොටුවල ඌරන් මියයමින් තිබෙන පුවතක් වාර්තා වේ.
කිලිනොච්චියේ ස්ථාන කීපයක ඌරු කොටුවල ඌරන් මෙසේ මිය යමින් ඇති බවයි පශු වෛද්‍ය නිලධාරීන් පවසන්නේ.
මෙසේ ඌරන් මිය යන්නේ වෛරස් රෝගයක් හේතුවෙන් බවට පශු වෛද්‍ය නිලධාරීන් සිදු කළ පරීක්ෂණවලින් සනාථ වී තිබෙන බවද එම නිලධාරීන් පවසනවා.
රෝගයට අදාල ඖෂධ ලබා දීම ආරම්හ වී ඇතත් මේ දක්වා ඌරන් අතර පැතිරෙමින් පවතින වෛරස් රෝගය පාලනය වී නති බව පැවසෙනවා.
මේ වෛරස් රෝගය හේතුවෙන් මේ වන විට කිළිනොච්චියේ ඌරු කොටුවල ඌරන් 300 ක් පමණද පැටවුන් 400 ක් පමණද මියාගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මිය ගිය ඌරන්ගේ මස් හා රෝගය වළදුණු ඌරන් අලෙවි කිරීම හා වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සිදු කළ හැකි බැවින් එසේ කරන පිරිසට එරෙහිව නීති මගින් පියවර ගන්නා ලෙසයි සෞඛ්‍ය බලධාරීන් එම පළාතේ සියලුම පොලිස් ස්ථානවලට හා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවලට දන්වා ඇත්තේ.
You may like this video