ප්‍රධාන නගරයක රියදුරු නැතිව ලොරි රථයක් ධාවනය වෙයි..මහා විනාශයක් නතර කළ හැටි මෙන්න..(VIDEO)

Police spokesman Sri Lanka Accident
By Aruna Jun 21, 2024 01:37 AM GMT
Aruna

Aruna

Report

සියඹලාණ්ඩුව නගරයේ දී ලොරි රථයක රියදුරු විසින් එම ලොරි රථයේ අත් තිරිංග (හෑන්ඩ් බ්‍රේක්) ක්‍රියාත්මක නොකර ලොරි රථයෙන් බැස ගොස් යෑමෙන් වෙන්නට ගිය මහා විනාශයක් නතර කළ පුවතක් වාර්තා වනවා.

රියදුරු බැස ගොස් සුළු මොහොතකින් එම ලොරි රථය මාර්ගයේ ධාවනය වී ඇති අතර එම අවස්ථාවේ දී සියඹලාණ්ඩුව නගරයේ කාර්ය බහුල අවස්ථාවක් ද වන බව අදාල දර්ශන වලින් දැකගත හැකි වේ.

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..


රියදුරු නොමැතිව ධාවනය වන එම ලොරි රථය දුටු අසල වෙලදසැලක සිටි තරුණයෙක් විසින් වහාම ක්‍රියාත්මක වී දිවගොස් ධාවනය වන ලොරි රථයට ඇතුළු වී ලොරි රථය නවතා ගැනීමට කටයුතු කිරීම බොහෝ පිරිසකගේ පැසසුමට ලක්ව තිබේ.

එම නිසා සිදු වන්නට ගිය විශාල අනතුර වැලකී ඇති අතර, මෙම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්.

අදාල සිදුවීම පහතින් නරඹන්න.