" රා" මදින්න පුහුණු පාඨමාලාවක්. 80,000ට වැඩි ඉපැයීමක්.
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
පොල් පර්යේෂණ ආයතනය විසින් ‘පොල් රා’ මදින්නන් සඳහා පුහුණු පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.
නොමිලේ පවත්වන මෙම පාඨමාලාවෙන් පසු රැකියාවක්ද ලබාදීමට පෞද්ගලික සමාගමක් කැමැත්ත පළ කර තිබෙනවා.
එම ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශයේ ප්‍රධානී ආචාර්ය චමින්ද හේරත් පවසන්නේ,පොල් රා මැදීමෙන් මසකට රුපියල් 80,000ත්, ලක්ෂයත් අතර මුදලක් උපයාගත හැකි බවයි.
ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, අදාළ පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයෙන් හෝ 1928 ක්ෂණික දුරකතන අංක අමතා ලබාගත හැකි බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. |