කාන්තාවන් විදෙස්ගත කරන ජාවාරමක් මාට්ටු

Report

 ව්‍යාජ පවුල් පසුබිම් වාර්තා සකසා කාන්තාවන් විදෙස්ගත කරන ජාවාරමක් නීතියේ රැහැනට හසුකර දීමට "අද දෙරණ උකුස්සාට" හැකිවිය.

"අද දෙරණ උකුස්සා" මරදානේ පිහිටි විදේශ රැකියා එජන්සියක් වෙත මෙලෙස පැමිණියේ එහි ව්‍යාජ පවුල් පසුබිම් වාර්තා සකසා කාන්තාවන් විදෙස්ගත කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ලද තොරතුරක් අනුවය.

ඒ අනුව උකුස්සා අදාළ ස්ථානයට ගොස් සිදුකළ ගවේෂණයේදී නිරීක්ෂණය වුණේ ග්‍රාම නිලධාරීන්ගේ හා සංවර්ධන නිලදාරීන්ගේ ව්‍යාජ නිල මුද්‍රා කිහිපයක් එහි ඇති බවටයි. එම නිල මුද්‍රා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරීන්ගේ නම්වලට සකස්කර තිබුණි.

අනතුරුව "අද දෙරණ උකුස්සා" විසින් මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයට කළ දැනුම්දීමට අනුව එහි නිලධාරින් කණ්ඩායමක් පැමිණ අදාළ ස්ථානය වටලනු ලැබීය.

හෙට එලියට යනවනම් උණුසුම් දර්ශකය අවධානය යොමු කල යුතු මට්ටමේ

හෙට එලියට යනවනම් උණුසුම් දර්ශකය අවධානය යොමු කල යුතු මට්ටමේ

එහිදී අනාවරණය වුණේ මෙම විදේශ රැකියා ඒජන්සියට ලියාපදිංචි සහතියක් පවා නොමැති බවය. එමෙන්ම එහි තිබී විදෙස්ගමන් බලපත්‍ර 128ක් ද සොයාගනු ලැබීය. අනතුරුව ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

යුරේනිගේ අමුතු එක...බුකියම කැළඹෙයි (PHOTOS)

යුරේනිගේ අමුතු එක...බුකියම කැළඹෙයි (PHOTOS)