ජනපතිගේ ආරක්ෂාවට සිදු විය හැකි තර්ජනයක් ගැන අනාවරණයක්? - චමුදිතව හදිසියේම CID යට කැඳවයි.

CID - Sri Lanka Police Ranil Wickremesinghe President of Sri lanka Journalists In Sri Lanka
By Wayomi Apr 22, 2024 06:38 AM GMT
Wayomi

Wayomi

Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

මේ අතර ඔහු විසින් පවත්වාගෙන යනු ලබන Truth with Chamuditha නැමැති Youtube නාලිකාවේ විකාශය වූ ‘මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මරන්න පාතාලය එක්ක ගේම ගහපු DIG ගෝලයාගේ හඬ පටය මෙන්න’ යන ශීර්ෂය යටතේ සිදු කරන ලද මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර හා තොරතුරු රැගෙනඑන ලෙසද දැනුම් දී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතාගෙන් ගගන ප්‍රවෘත්ති අංශයේ අප විමසීමක් කළ අතර,එහිදී ඔහු අප සමග කියා සිටියේ, 2024.04.22 දින එනම් හෙට දින උදෑසන 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 02හි පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු වෙත දන්වා ඇති බවයි.