දුම්රිය ස්ථානයේ දී නින්ද ගිය ISගේ ලක්ෂ 10කට අධික වටිනා රන් මාලයක් කොල්ල කාලා පලා ගිහින්..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
රත්මලාන දුම්රිය ස්ථානයේ දුම්රියක් පැමිණෙන තුරු සිටි උප පොලිස් පරීක්ෂකවරයකු සතු වටිනා භාණ්ඩ කිහිපයක් සොරකම් කළ පුවතක් වාර්තා වෙනවා.
සොරකම් කළ දෑ අතර ඔහුගේ ගමන් මල්ල සහ එහි වටිනා ජංගම දුරකථනයක්, රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමක් ඇති රන් මාලයක් සහ රන් පෙන්ඩනයක්, රුපියල් දෙදහසක් ද තිබී ඇත.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ පොලිස් මූලස්ථානයේ පරීක්ෂණ හා සංවර්ධන කොට්ඨාසයේ රාජකාරියේ නියුක්ත පුද්ගලයෙක් වේ.
පසුගිය 8 වැනිදා ඔහු රාජකාරි ස්ථානයට යෑමට රත්මලාන දුම්රිය ස්ථානයේ රැඳී සිට තිබෙනවා.
එහිදී දුම්රිය ස්ථානයේ ආසනයක් මත ඔහුට නින්ද ගොස් ඇති අතර ඇහැරුණු මොහොතේ බලන විට තමන්ගේ ගමන් මල්ල අතුරුදන් වී ඇත.