හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. ලොකුවටම කරන්න යන දෙය මෙන්න..

Report

හෙට (26) දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. ලොකුවටම කරන්න යන දෙය මෙන්න.. | A Teacher Principal Strike 26Th June 2024

ඒ වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ය.

එමෙන්ම, අද (25) දිනයේ රජයේ විධායක නිලධාරීන්ගේ එකමුතුව අසනීප නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

අද දහවල් ඔවු මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට ද කටයුතු කළේ ය.

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..


ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ඊයේ (24) පැවැති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් ය.

තව ද, අද මෙන්ම හෙට (26) දිනයේ දී ද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව එම එකමුතුවේ විධායක කමිටු සාමාජික එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ ය.

මෙයට සමගාමීව ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය අද ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හැර දැමුණේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

එහෙත්, විධායක නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට රාජ්‍ය ඉංජිනේරු, කෘෂිකර්ම, දේශීය ආදායම් සේවය, ගණකාධිකාරී ඇතුළු සේවා 18ක සාමාජිකයින් එක්ව සිටියේ ය.

ඒ හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සේවාවලට අද දිනයේ බාධා එල්ල වීම හේතුවෙන් රාජකාරි ඉටුකරවා ගැනීමට පැමිණි ජනතාව පත්වුණේ දැඩි අපහසුතාවකට වේ.

සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේ අලුත් වෙනසක්?.

සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේ අලුත් වෙනසක්?.


මේ අතර, අද දහවල් විධායක නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීය.

එහිදී අතිරේක ලේකම්වරියක් සමග ඔවුන්ට සාකච්ඡාවක් ද ලබා දෙනු ලැබීය.