හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Ministry of Education Sri Lankan Schools Education School Incident Latest Headlines
By krishani Jun 23, 2024 10:12 AM GMT
krishani

krishani

Report

හෙට (24) දිනයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙයි.

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න.. | Conducting Schools 24Rd June 2024

ඒ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

මේ අතර, සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.  

පළාත් සභා යටතේ පවතින පාසල් ගැන තීරණයක්?..

පළාත් සභා යටතේ පවතින පාසල් ගැන තීරණයක්?..


ඒ මේ මස 24, 25 හා 26 දිනයන් හි දීප ව්‍යාප්තව පාසල්වල සේවය කරනු ලබන සියලු තනතුරුවලට අයත් අනධ්‍යයන සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.

එයට හේතුව වන්නේ දිවයින පුරා රජයේ පාසල්වල සේවය කරනු ලබන අධ්‍යාපන අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් රජය මගින් මෙතෙක් විසඳුමක් ලබා නොදීමයි.

එහි සභාපති කුමුදු එස්. කටපොලුගෙ සඳහන් කළේ උසස්විම් ක්‍රමවේදයක් මෙතෙක් ලබා නොදීම, ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකිරීම, ක්‍රමානුකූල ස්ථාන මාරුවීම් ක්‍රමවේද නොතිබීම, තනතුරු නාම නිසියාකාර ව ක්‍රියාත්මක නොවීම, ඇතැම් විදුහල්පතිවරුන්ගේ තාඩන පීඩන නැති පරිසරයක් නොවීම, අතිකාල දීමනා නොගෙවා වැඩ ගැනීම ආදී ගැටලු රැසක් මුල් කරගනිමින් මෙය සිදු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

සඳුදා සිට දින තුනක් දිවයින පුරා පාසල්වලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න.

සඳුදා සිට දින තුනක් දිවයින පුරා පාසල්වලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න.