නිවාස හිමියන්ටත් බද්දක්. විදුලි බිලත් තව 30% වැඩි වෙයි? (VIDEO)

Report

ලංකාවේ පළමු වතාවට තැඹිලි විකුණන මනුස්සයටත් බදු ගහන ආණ්ඩුවක් දැන පැමිණ ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා සමගි ජනබලවේගයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ, පේමන්ට් එකේ බිස්නස් කරනවා නම් වර්ග අඩි 5කට රුපියල් 200ක් මාසෙකට ගෙවිය යුතු බවත්, ඊට රු.10000ක ඩිපොසිට් එකකුත් තැබිය යුතු බවයි. එමෙන්ම වැඩි වන හැම වර්ග අඩියකටම රු. 2000 ගානේ ගෙවිය යුතු වෙනවා.

මේ අතර රජය විසින් තවත් 30%කින් විදුලි බිල වැඩි කරන්න හදන බවත් ඔහු මෙහිදී අවධාරණය කරනවා.

එමෙන්ම ගෙවල් හිමියන්ට, එහෙනම් ගෙයක් අයිති සෑම අයෙකුටම එම ගෙදර දැන් වෙළඳපල වටිනාකමට හදලා ඒකට 10%ක බද්දක් ගැසීමටත් රජයේ සූදානමක් පවතින බව මරික්කාර් මෙහිදී ප්‍රකාශ කළා.     

වැඩිදුර විස්තර මෙන්න. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW