ළමා අපයෝජනයට ඇප අත්සන් කර ගෙදර ගොස් ඇප දුන්නු සහොදරියගේ දියණියත් අපයෝජනය කරලා..
නෝර්ටන්බිජ් පොලිසියේ නිලධාරීන් විසින් අවස්ථා දෙකකදී බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, 29 හැවිරිදි අදාළ සැකකරු බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටි පුද්ගලයෙකු බවයි.
තම සහෝදරයා තමන්ගේ බාල වයස්කාර දියණිය අපයෝජනය කර පළා ගොස් ඇති බවට නෝර්ටන්බුස්හි පදිංචි මවක පොලිසියට පැමිණිල්ලක් කර තිබුණ අතර ඒ අනුව, විමර්ශන ආරම්භ කළ පොලිසිය, ප්‍රදේශයෙන් පළා යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගත්තේ හැටන් නගරයේ මාර්ග බාධක යොදා කළ සෝදිසි මෙහෙයුමකදීය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ විමර්ශනවලදී ඔහු මීට පෙර ද මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකු බව හෙළි විය.
ඒ ඔහු මීට ඉහතදී 09 හැවිරිදි පාසැල් සිසුවියක අපයෝජනය කර වසර 10ක් තිස්සේ මාවනැල්ල ප්‍රදේශයට පළාගොස් ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වළාගෙන සැඟව සිට තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු මාස 5ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුට ඇප හිමිව තිබුණි . ඇප කොන්දේසි අනුව සැකකරු නෝර්ටන්බිජ් පොලිසියට පැමිණ ඇප අත්සන් කර, ඔහුගේ සහෝදරියගේ නිවසට ගිය අවස්ථාවේදී ඇගේ 13 හැවිදිරි දියණිය අපයෝජනය කර තිබේ.
සැකකරු මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප හිමි වූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඇප අත්සන් කර තිබුණේ ද මෙම සහෝදරිය වීම විශේෂත්වයක්.
සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි .
