අනියම් බිරිඳගේ නිවසේ වැළලු මනම්පේරිගේ උණ්ඩවල අමුතු සලකුණක්
පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය බවට සැක රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීමත් සමගම ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සම්පත් මනම්පේරි නැමැති තැනැත්තා විසින් වළදැමූ බව කියන අවි ආයුධ රැසක් සොයා ගැනීම සිදුවිය.
එහිදී මෙම උණ්ඩවල KPI යනුවෙන් නමක් සඳහන් කළ උණ්ඩ කීපයක් ද තිබෙන බව පොලිස් විමර්ශනවලින් හෙළි කරයි. මෙම උණ්ඩ ඇතුළු ආයුධ තොගය මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක තිබියදී සොයා ගැනීමටයි පොලිසිය සමත්විය.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ඉඩමක් පරීක්ෂාවට ලක්කිරීමේදී මෙම සැක කටයුතු ද්‍රව්‍ය හමුවී තිබේ.
මේ පිළිබඳව පොලීසිය සඳහන් කළේ , රන් පැහැ ගැන්වූ ටී 56 මැගසින් එකක්, ටී 56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් එහි තිබී සොයාගත් බවයි. සැකකරු විසින් ඉකුත් 03 වැනිදා ඔහුගේ අනියම් බිරිඳගේ නිවස පිහිටි ඉඩමේ මේවා වළ දමා ඇති බව අනාවරණ වේ.