විරාත් කෝලිගේ ශුද්ධ වත්කම ගැන විශේෂ හෙළිදරව්වක්. - ව්‍යාපාර 7කටත් ආයෝජනය කරලා.
By Wayomi
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් කෝටි 1500ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 5903ක්.
ඔහුගේ මේ මූල්‍ය වටිනාකම දැනට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉහළම අගය වන බවයි වාර්තා වන්නේ.
කෝලි ව්‍යාපාර සන්නාම 18කට අධික ප්‍රමාණයක පෙනී සිටින අතර, එක් වෙළෙඳ දැන්වීමක් රූගත කිරීම් සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 8 සිට 10 දක්වා ගාස්තුවක් අය කරන බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
එමෙන්ම ඔහු ටෙස්ට් තරගයක් සඳහා තරග ගාස්තුව ලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 15ක් අය කරන අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමඟ IPL ගිවිසුමෙන් කෝලි වාර්ෂිකව රුපියල් කෝටි 15ක් උපයනවා.
මේ අතර ඔහු ව්‍යාපාර ආයතන 7ක් සඳහා මුදල් ආයෝජනය කර ඇති අතර ඔහුගේ නමින් සුපිරි පන්නයේ නිවාස දෙකක්ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.