ආපදාවෙන් විනාශ වූ විසිතුරු මසුන් කර්මාන්තය ගොඩනැගීමට රජයෙන් උපරිම සහය

Report

ගංවතුරෙන් විනාශ වූ විසිතුරු මසුන් කර්මාන්තය යළි නගා සිටුවීමට රජයේ පූර්ණ සහය ලබාදෙන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා සදහන් කර තිබේ.

ඒ වගේම ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයක් වන විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට මෑතදී ඇති වූ ගංවතුර තත්ත්වය නිසා සිදු වූ බරපතල හානිය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පසුගියදා පන්නල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.

තවද අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය යන මහත්වරුන් සමඟ එක්ව, නියෝජ්‍ය අමාත්‍යවරයා, අඩි 8ත් 12ත් අතර උසකට ජලයෙන් යටවී තිබූ ප්‍රධාන පෙළේ අපනයන මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණය කර තිබේ .

ඒ වගේම මෙම ව්‍යාපාර බොහොමයක් කෝටි ගණනක අලාභයක් ලබා තිබේ අපනයනය සඳහා සූදානම් කර තිබූ මත්ස්‍ය තොග ද සම්පූර්ණයෙන්ම විනාශ ඇත මූලික ඇස්තමේන්තුවලට අනුව, පන්නල සහ ගිරිඋල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්, මෙරට අපනයන ඇණවුම් වලින් 50%කට වඩා සපයන ප්‍රධාන පෙළේ අපනයනකරුවන් 10 දෙනෙකු ඇතුළුව, නිෂ්පාදකයින් 1000කට අධික පිරිසක් මෙලෙස පීඩාවට පත්ව තිබේ .

සියලුම පළාත් පාලන ආයතනවලට වහාම ක්‍රියාත්මක වෙන්න උපදෙසක්

සියලුම පළාත් පාලන ආයතනවලට වහාම ක්‍රියාත්මක වෙන්න උපදෙසක්

ඒ වගේම මෙම විනාශකාරී තත්ත්වය මධ්‍යයේ වුවද, තම වෙළෙඳපොළ කොටස ආරක්ෂා කර ගැනීම සඳහා, සුන්බුන් ඉවත් කරමින්, අපනයන කටයුතු නැවත ආරම්භ කිරීමට ව්‍යවසායකයින් තුළ ඇති උත්සාහය ,කැපවීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ පැසසුමට ලක් විය.

තවද පීඩාවට පත් ව්‍යාපාරිකයින් අමතමින් නියෝජ්‍ය අමාත්‍ය ගමගේ මහතා සදහන් කළේ කර්මාන්තය යළි ගොඩනැගීම සඳහා රජයේ නොමසුරු දායකත්වය ලබා දෙන බවයි.

උඩරට දුම්රිය මාර්ගය හදන්න මාස දෙකෙනුත් බෑ - ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

උඩරට දුම්රිය මාර්ගය හදන්න මාස දෙකෙනුත් බෑ - ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය