රන්ටැඹේ – මහියංගන සම්ප්‍රේෂණ පද්ධතිය හෙට වනවිට යථා තත්ත්වයට

Report

බිඳවැටුණු රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු එළඹෙන ඉරිදා (07) එනම් හෙට වනවිට යථා තත්ත්වයට පත්කොට එම ප්‍රදේශවලට විදුලි සබඳතාව ලබාදීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර ඇත.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් රන්ටැඹේ - මහියංගනය කිලෝ වෝල්ට් 132 සම්ප්‍රේෂණ පද්ධතියේ කුළුණක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර රැහැන්වලට ද බරපතළ හානි සිදු වුණි.

මේ හේතුවෙන් මහියංගනය ප්‍රදේශයට මෙන්ම දිවයිනේ නැගෙනහිර පළාතට අයත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලට ද විදුලි සැපයුම බිඳ වැටුණි.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාකාරීව කිලෝ වෝල්ට් 33ක තාවකාලික සම්බන්ධතාවයක් හරහා එම ප්‍රදේශයේ රෝහල්, ජල පොම්පාගාර වැනි අත්‍යාවශ්‍යය ස්ථානවලට විදුලිය ලබාදීමට කටයුතු කර ඇත .

ආපදාවෙන් හනි වූ හානි වූ මාර්ග බොහෝමයක් ගමනාගමනයට යළි විවෘතයි

ආපදාවෙන් හනි වූ හානි වූ මාර්ග බොහෝමයක් ගමනාගමනයට යළි විවෘතයි

ඒ වගේම නිශ්චිත ප්‍රදේශයකට කඩින්කඩ පැය කිහිපය බැගින් විදුලිය ලබාදීමේ ක්‍රමවේදයක් ද ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇත. කෙසේ වෙතත් මෙ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා බලශක්ති අමාත්‍යවරයා එම ප්‍රදේශයේ සංචාරයක ද නිරත වී තිබේ.

තවද එතුමා මෙම සංචාරයෙදී විදුලි සම්ප්‍රේෂණ කුළුණක් සම්පූර්ණයෙන් විනාශ වී අලාභ හානි සිදු වූ බෝවතැන්න ජලවිදුලි බලාගාරය ද තම නිරීක්ෂණයට ළක් කර ඇත.

ගම්පොළදී දාහක් මැරුණා කියා එළියේදී කිව්වොත් මන්ත්‍රීට නඩු දානවා – ජනාධිපති

ගම්පොළදී දාහක් මැරුණා කියා එළියේදී කිව්වොත් මන්ත්‍රීට නඩු දානවා – ජනාධිපති