මීට පස්සේ මේවා අනිවාර්යයි - ගැසට් නිවේදනයක්
ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීමේදී පවතින රෙගුලාසිවල යම් වෙනස්කම් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමඟින් ක්‍රීඩා සංගම්වල තනතුරු දරන පුද්ගලයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම අනිවාර්ය කර ඇත.
එසේම ක්‍රිඩා සංගම්වල තනතුරු දැරීමට සුදුසුකම් නොලබන රෙගුලාසි කිහිපයක්ම මෙම ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව මෙතෙක් නිලවරණ පවත්වා නොමැති ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ මෙම සංශෝධිත ගැසට් පත්‍රය අනුව ඉදිරියේදි පවත්වනු ඇති බව සඳහන්.