පස් දෙනෙකු මරපු යකා මාට්ටු

Report

සංවිධානාත්මක අපරාධකරුවන් වන කරන්දෙනියේ සුද්දා හා සමන් කොල්ලා යන පාතාල අපරාධකරුවන් සමග එක්ව ද්විත්ව ඝාතන 2 ක් ඇතුළු මනුෂ්‍ය ඝාතන පහක් මෙන්ම අපරාධ රැසක් සිදුකළ තරුණයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

එම ඝාතන අතර උනාකූරුවේ ශාන්ත යන අයගේ නැන්දා සහ මාමාද වන බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම පදිංචි 31 හැවිරිදි තරුණයෙකි.

අදහස් හෝ මත යටපත් කිරීමට අපි හදිසි නීති රෙගුලාසි කිසිවිටෙක භාවිතා කරන්නේ නැහැ - ජනපති

අදහස් හෝ මත යටපත් කිරීමට අපි හදිසි නීති රෙගුලාසි කිසිවිටෙක භාවිතා කරන්නේ නැහැ - ජනපති

අයිස් මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී උනාකූරුවේදී වෙළඳසැලක සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළ,හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර කාන්තාවකට බරපතල තුවාල සිදු කිරීම , අම්බලන්ගොඩ පොලිස් වසමේදී අඹු සැමි යුවළකට වෙඩි තබා ඝාතනය කිරීම,හා හික්කඩුව පොලිස් වසමේදී නිවසකට වෙඩි තැබීම සැකකරු විසින් සිදු කළ අපරාධ අතර වන බව පොලිසිය කියයි.

දෙවියනේ නිදි යහනේදී පියාට යටවී මාස 3ක කිරි කැටියා මරුට

දෙවියනේ නිදි යහනේදී පියාට යටවී මාස 3ක කිරි කැටියා මරුට