ස්විට්සර්ලන්තයෙනුත් ආපදා ආධාර තොගයක් ශ්‍රී ලංකාවට
By Kanchana
ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6)දින පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ .
එහි ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රැසක් මෙම ආධාර තොගයේ අඩංගු වේ .
තවද මෙට්‍රික් ටොන් 2.6ක් බරැති මෙම ආධාර තොගය ඇසුරුම් 17කින් සමන්විත වේ.
ඒ වගේම මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්ද ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.