සියලුම පළාත් පාලන ආයතනවලට වහාම ක්‍රියාත්මක වෙන්න උපදෙසක්
ආපදාවට ලක් වූ ප්‍රදේශවල නිවාස සහ ගොඩනැගිලි පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කිරීමේදී බැහැර කරන අපද්‍රව්‍ය වහාම අදාළ කසළ අංගන වෙත ගෙනයන ලෙසට සියලුම පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පවසයි.
ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආපදාවට ලක් වී ඇති බොහෝ ප්‍රදේශවල පිරිසිදු කිරීම් කටයුතුවලදී අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර වන බවයි.
එබැවින් ඒවා නිවාස ඉදිරිපිට ගොඩ ගසා ඇති නිසා ඒවා කඩිනමින් ඉවත් කිරීම සඳහා සියලුම අදාළ පළාත් පාලන ආයතනවල අවධානය යොමු විය යුතු බව දක්වයි.
ගොඩ ගැසෙන අපද්‍රව්‍ය වහාම ඉවත් කිරීමේ කටයුතු සිදුවන බවත් එය නොකඩවා සිදුකරන ලෙසට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් තම අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවත් චන්දන අබයරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.